පාම් ඔයිල් ආනයන තහනමින් බේකරි කර්මාන්තය අර්බුදයක….!

April 6, 2021 at 7:45 pm | by emanisa.lk

පාම් ඔයිල් ආයනය තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයේ වෙනස්කමක් සිදු කිරීමට ඉඩ ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

අද (06) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ ය.

මෙරට පොල්තෙල් භාවිතයට මිනිසුන් තුළ බියක් හටගෙන ඇති අවස්ථාවක මෙලෙස ගැසට් පත්‍රයක් නිකුත් කිරීම තුළ දේශීය පොල්තෙල් මිල රුපියල් 1000ක් වැනි මිලකට ඉහළ යාමට ඉඩ ඇති බවට සඳහන් කරමින් මාධ්‍යවේදියකු යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් ඇති බවත් ඉදිරියේ දී එහි යම් යම් වෙනස්කම් සිදු කිරීමට ඉඩ තිබෙන බවත්ය.

මේ අතර සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින් මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ පාම් ඔයිල් නොමැතිව බේකරි කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ පෑ හැකි බවත් පාම් ඔයිල් ආනයනය තහනම් කරන්නේ නම් ඒ සඳහා තමන්ට කාලය ලබා දෙන ලෙස ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *