පානදුර ගංවතුර පාලනයට තිරසර විසඳුම්…! ඇවිදින මංතීරු සහ ළමා උද්‍යාන ඇතුළු පහසුුකම්…!

November 23, 2021 at 8:13 pm | by emanisa.lk

පානදුර නගරය සඳහා මෙතෙක් දැඩි අඩුපාඩුවක්ව පැවැති වැසි ජල කළමනාකරණ වැවක්, ඇවිදින මං තීරුවක්, කුඩා දරුවන් සඳහා සෙල්ලම් කිරීමට ළමා උද්‍යානයක් ඉදි කිරීම සඳහා මේ වන විට කටයුතු ආරම්භ කර තිබේ.

ටයිටස් වෙළ ව්‍යාපෘතිය යටතේ සිදුකරන මෙම ඉදිකිරීම්වලට අමතරව ජෛව විවිධත්වයෙන් යුතු කුඩා දූපත් කිහිපයක් ඉදිකිරීමට ද නියමිතය. මෙමගින් ජනතාවට ඇවිදින මංතීරු ඇතුළු පහසුකම් හිමි වන අතර නගරයේ ගං වතුර පාලනය සඳහා ද තිරසර විසඳුම් හිමි වෙයි. නගරයේ සුන්දරත්වය ද ඉහළ යයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී, යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් සිදුකළ ඉල්ලීමක් අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.

මෙම ව්‍යාපෘතිය 2011 වසරේ පමණ සැලසුම් කළ ද විවිධ හේතු නිසා එය මෙතෙක් යථාර්ථයක් කරගත නොහැකි විය. එහි මැනුම් කටයුතු නිරීක්ෂණය සඳහා ගෙවිඳු කුමාරතුංගගේ ලේකම් ඉසුරු කුලතිලක ද එකතු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස