පානදුරේ බෝම්බ තිප්පොළ ගැන වාර්තා කළ පොලිස් ලොක්කාට පොලිස්පති පූජිතගෙන් ත්‍රස්ත බලකොටුවට මාරුවක්!

May 6, 2019 at 9:34 am | by admin

පසුගිය පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන සහ තරු පහේ හොටෙල්වල පුපුරුවා ගත් මරාගෙන මැරෙන නිෂ්පාදනය කළ බව කියන පානදුර කෙසෙල්වත්ත පරත්ත පාර ශෙරීප් මාවතේ නිවස පිළිබඳ සිය ඉහළ පොලිස් නිලධාරීන් දැනුම්වත් කළ පානදුර විශේෂ කාර්යාංශ ස්ථානාධිපති ටී. එල්. එස්. කේ. සේනාධිරත්න මහතා තිරිකුණාමලය විශේෂ කාර්යාංශ ස්ථානාධිපතිවරයා ලෙස මාරු කර යැවීමට හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා කටයුතු කර තිබේ.

ඒ පොලිස් විශේෂ කාර්යංශ ස්ථානාධිපතිවරුන් 12 දෙදෙකුට ස්ථාන මාරුවීම් ලබා දීම යටතේය. මෙම ප්‍රහාරයට පෙර අදාළ මාරුවීම් කර ඇති බව ද වාර්තා වෙයි. පානදුර නිවාස පිළිබඳ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ අදාළ නිලධාරියාට උපදෙස් ලබා නොදී ඔහු ඉස්ලාම් ත්‍රස්තවාදී බලකොටුව වන තිරිකුණාමලයට මාරු කර යැවීම සඳහා පොලිස්පතිවරයා කටයුතු කිරීම කතාබහට ලක්ව තිබේ. කෙසේ වුවද ප්‍රහාරය එල්ල වීමත් සමගම එම මාරුවීම් අවලංගු කළ අතර පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යවා වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරිමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

පොලිස්පති පූජිත ජයසුන්දර ආරක්ෂා කිරීමට ඉදිරිපත් නොවන ලෙස අමාත්‍ය නවීන් දිසානායක මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් දැඩිව ඉල්ලා සිටින අතර දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවන වීඩියෝවක් පසුගියදා මාධ්‍ය ඔස්සේ විකාශනය විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස