පාතාළ නායක ධර්මේ ඩුබායි පොලිසියටත් කොකා පෙන්නයි….! නිරෝධායනයෙන් පසු අත්අඩංගුවෙන් පළා යයි…!

February 3, 2021 at 7:49 am | by emanisa.lk

ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ධර්මසිරි පෙරේරා නොහොත් ‘රත්මලානේ ධර්මේ’ හොර රහසේම පළා ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ධර්මසිරි පෙරේරා නමැත්තා අත්අඩංගුවට ගත් පසු දින 14 ක් නිරෝධායනය සඳහා යොමුකර සිටි අතර ඊට පසු ඔහු හොර රහසේ ම පළාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

ගොනාකෝවිලේ අංජු නමැති පාතාල නායකයාගේ ප‍්‍රධානම සගයා බව කියන රත්මලානේ ධර්මේ මෙරට සිදුවූ අපරාධ රැසකට සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයකු බව පොලිසිය පවසයි.

මීට මාස කිහිපයකට පෙර පොලිස් ආරක්‍ෂාව දී තිබූ මොරටුව සොයිසාපුරදී අවන්හලකට වෙඩි තැබූ සිද්ධිය මෙහෙයවනු ලැබුවේ ද රත්මලානේ ධර්මේ නමැති මෙම පාතාළ ප‍්‍රබලයා බව පොලිසිය පවසයි.

එහිදී මෙම පාතාල ප‍්‍රබලයා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට පවා දුරකථනයෙන් මරණ තර්ජන එල්ල කර තිබිණි.

ඩුබායිිහි සැඟව සිටිමින් ධර්මසිරි පෙරේරා සහ ගොනාකෝවිලේ අංජු මෙරට හෙරොයින් ජාවාරම මෙහෙයවූ අතර මිනිස් ඝාතන ඇතුළු අපරාධ සිදුකළ බව පොලිසිය පවසයි.

ඩුබායිහි දී නීති විරෝධී කටයුත්තක් සම්බන්ධයෙන් ධර්මසිරි පෙරේරා එරට පොලිසිය මගින් අත්අඩංගවට ගත්තේ ඉකුත් වසරේදීය.

මෙම සැකකරු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට මෙරට පොලිසිය කටයුතු කරමින් සිටියද මොහු හොර රහසේ ම පළාගොස් ඇති බව වාර්තා වේ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස