පාතාළ නායක කෙසෙල්වත්තේ දිනුක වෙනුවෙන් පිටකොටුවේ සුදු කොඩි…!

March 16, 2021 at 7:46 am | by emanisa.lk

ඩුබායි රාජ්‍යයේ දී හදිසි හෘදයාබාධයක් වැළඳී මිය ගිය බව කියන පාතාළ කල්ලි නායක කෙසෙල්වත්තේ දිනුකගේ මළ සිරුර ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ඔහුගේ පවුලේ ඥාතීන් කටයුතු කරමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

එහෙත් දිනුකට එරෙහිව ශ‍්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර රතු වරෙන්තුවක් නිකුත් කර තිබූ නිසා ඔහුගේ සිරුර මෙරටට ගෙන්වීමේදී ගැටලු මතු විය හැකි බවට වාර්තා වෙයි.

මේ අතර කෙසෙල් වත්තේ දිනුකගේ මළ සිරුර මෙරටට ගෙන ඒමට නොහැකි වුවහොත් එය ඩුබායි රාජ්‍යයේ වියදමෙන් අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.

කෙසෙල් වත්තේ දිනුක මරුමුවට පත් වූ බව සැලවීමත් සමගම පිටකොටුව කෙසෙල්වත්ත අලුත්කඩේ ප‍්‍රදේශ සුදුකොඩිවලින් සැරසීමට ඔහුගේ ගෝල බාලයන් කටයුතු කර ඇත.

පිටකොටුවේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ කිත්සිරි රාජපක්‍ෂ, ඔහුගේ සොහොයුරො ඇතුළු පුද්ගලයන් රැසකගේ ඝාතන සම්බන්ධයෙන් කෙසෙල් වත්තේ දිනුකට එරෙහිව චෝදනා එල්ල වී තිබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්, පිටකොටුව ඇතුළු ඒ අවට ප‍්‍රදේශවල ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම් ඇතුළු තවත් අපරාධ රැසක් සම්බන්ධයෙන් ද දිනුකට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස