පාතාළ කල්ලි සමග එක්ව රටටම මත්කුඩු බෙදූ නාකොටි කල්ලියේ තවත් 12ක් අත්අඩංගුවට!

July 2, 2020 at 3:40 pm | by emanisa.lk

අත්අඩංගුවට ගන්නා මත්කුඩු නීතිවිරෝධී ලෙස යළි ජාවාරම්කරුවන්ට අලෙවිය සහ ප්‍රවාහනය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ තවත් නිලධාරීන් 12 දෙනෙක් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. ඒ අනුව මත්කුඩු ජාවාරම් කිරීමට අදාළව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 16 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. සිවිල් වැසියන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරට ඉතිහාසයේ ලොකුම මත්කුඩු වැටලීම කළ නාවික හමුදාව අයිස් සහ කෙටමින් නැමැති මත්කුඩු විශාල ප්‍රමාණයක් එහිදී සොයා ගන්නා ලදි.

ඒ අතර තිබුණු අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 60 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලදාරීන් විසින් හොර රහසේ අලෙවි කර ඇති බවට තොරතුරුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට ලැබී ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මෙම නිලධාරීන් කණ්ඩායම විසින් කොවිඩ් වසන්ගතය පැවැති අවස්ථාවේදී මහබාගේදී හාල්ගෝනි තුළ සඟවා තිබියදී අල්ලාගත් හෙරොයින්වලින්ද කිලෝ 50 කට වැඩි ප්‍රමාණයක් මුල් අවස්ථාවේදීම පන්නා අලෙවිකර ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

එම මත්කුඩු තොගය අන්තර් ජාතික මුහුදු තීරයේදී පකිස්තානුවන් පිරිසක් පැමිණි ඉරාන් නෞකාවකින් ලබාගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සමග දකුණු මුහුදු තීරයෙන් ගිය ට්‍රෝලර් යාත්‍රාවක සිටි පිරිසකි.

එහිදී කිලෝ එකකට වැඩි බරක් ඇති මත්කුඩු පැකට් 243ක් ජාත්‍යන්තර ජාවාරම්කරුවන් විසින් ලබාදී ඇති බවටද තොරතුරු හෙළිවී ඇත. ගොඩබෑමෙන් පසු එම පැකට් අතරින් 43 ක් ඉවත්කර ඇති බවත් හෙළිවී තිබේ.

අත්අඩංගුවේ සිටිනව මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් එම හෙරොයින් පැකට් තොගය ඔවුන්ගේ වාහනවලින් කොළඹට ප්‍රවාහනය කර ජාවාරම්කරුවෙකුට ලබාදී මුදල් ගෙන ඇතැයිද අනාවරණය වී තිබේ.

සෙසු හෙරොයින් පැකට් 200 ද මාසයකට ආසන්න කාලයක් තිස්සේ තැන තැන සඟවා තබමින් අවසානයේදී හාල් ගෝනි තුළ දමා මහාබාගෙට රැගෙනවිත් වැටලීමක් කර ඇත්තේ අනතුරුව බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස