ඝාතනයට ලක් වූ ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සිදුවන අතර මහරගම සහ දෙමටගොඩ තැන තැන පාතාල කණ්ඩායම් සහ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් තර්ජනාත්මක බැනර් සහ පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබේ.
ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සිදු කෙරුණු ඉකුත් (13) වෙනි දින මාකඳුරේ මධුෂ්ගේ දේහය තැන්පත් කොට තිබූ මහරගම සූසාන භූමිය ඉදිරිපිට තාප්පයේ මදුශ්ගේ ඡායාරූපයක් සහිත බැනරයක් ප්‍රදර්ශනය කර තිබිණි.
එහි “අපේ අයියේ….. එක එක්කෙනා එවනවා. අපි එනකම් බලාගන්න….” යනුවෙන් මදුෂ්ගේ ඡායාරූපයට දකුණු පසින් සටහන් කර ඊට යටින් KPI යනුවෙන් සටහන් කර තිබූ බව පොලිසිය කියයි.
ක්ලබ් වසන්ත ඝාතනය වූ දා මධුෂ්ගේ අනියම් බිරිඳ මහරගම සූසාන භූමිය වෙත පැමිණ ඉටිපන්දන් දැල්වූ බව බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර යම් කණ්ඩායමක් විසින් ඊයේ (14) මහරගම පමුණුව දුම්රියපොළ පාරේ මධුෂ්ගේ අනියම් බිරිඳගේ නිවස ආසන්නයේ “පාතාලයේ හැම එකාම මදූෂ් ගිය තැනට යන්න සැරසියල්ලා” “කැඳ ඉම්රාන්ගේ පවුලේ උන්ටත් එම දඬුවමයි” යනුවෙන් කුඩා පෝස්ටර් දෙකක් සටහන් කර එහි යටින් පා. ව. බ. (පාතාලය වළකන බළකාය) යනුවෙන් සටහන් කර තිබූ බව වාර්තා වෙයි.