පාතාළ කල්ලි නායක ඌරගහ මයිකල් රහසේම ලංකාවට පැමිණෙයි! ගෝඨා ඇතුළු ප්‍රභූන් ඝාතනයට දෙමළ ඩයස්පෝරාවෙන් පාතාළය මුදල්! ආර්.පී.ජී. රොකට් විදින ඇතුළු දියුණු අවි පාතාළය සතුවෙයි!

September 2, 2019 at 11:57 am | by emanisalk

ආර්.පී.ජී.රොකට් විදින ඇතුළු පාකිස්තානයෙන් එවූ අවි ආයුධ යොදා බන්ධනාගාර බස් රථයකට පහරදීමේ පළමු තැත වැරදී ඩුබායිවලට පැනගත් ඌරගහ මයිකල් නමැති පාතාලයේ බව කියන අයකු යළිත් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි බුද්ධි අංශ හෙළිකරගෙන ඇත.

ඩුබායිවල සිටින දකුණේ පාතාලයේ කොස්ගොඩ සුජී විසින් ඔහුගේ ප්‍රතිවිරුද්ධ කල්ලිය වූ කොස්ගොඩ තාරක ඝාතනය කිරීම සඳහා මෙරටට තම සමීපතම සාමාජිකයකු වූ ඌරගහ මයිකල් මීට පෙර ඒවා තිබුණි. ​මේ පිළිබඳ බුද්ධි අංශවලට තොරතුරු ලැබී කළ විමර්ශනයකදී පාකිස්තාන මත්කුඩු ජාලය සමග එක්ව කුඩු රැගෙන එන අතරේ ආර්.පී.ජී. අවි දෙකක් හා ටී 56 අවි දහයක් ද ඔවුන් මෙරටට එවා ඇති බවයි.

බන්ධනාගාර බස් රථයක උසාවි ගෙනයන අතරේ කොස්ගොඩ තාරක ඝාතනය කිරීමට කළ සැලසුම හෙළිවීමත් සමග කොස්ගොඩ සුජී විසින් යළිත් මෙම ඌරගහ මයිකල් ඩුබායිවලට ගෙන්වාගෙන තිබිණි.පාකිස්තාන මත්කුඩු ජාලය සමග එක්ව රැගෙන ආ අවි ආයුධ ප්‍රභූ ඝාතන සැලසුම්වලට යොදාගැනීමේ අවදානමක් ගැන බුද්ධි අංශ මීට පෙර හෙළිකර තිබේ.

යළිත් ඌරගහ මයිකල් ඩුබායි සිට එවා ඇත්තේ කුමන ඉලක්කයක් සඳහාද යන්න පිළිබඳව බුද්ධි අංශ අවධානය යොමුව ඇත.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන ඝාතනය කිරීම සඳහා දෙමළ ඩයස්පෝරාව දකුණේ පාතාළයට විශාල මුදලක් ලබා දී ඇති බව පසුගිය සමයේ වාර්තා විය.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස