පාතාළ කල්ලි අතර ගැටුම් පොදු මහජන ආරක්ෂාවට තර්ජනයක් නෙමෙයි…! – ජනපති…

February 23, 2025 at 2:47 pm | by emanisa.lk

රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිදු තර්ජනයක් නැහැ. පාතාල කණ්ඩායම් එකිනෙකා අතර ගැටුම් නිර්මාණය වෙලා තියෙනවා. එය මහ ජනයාගේ පොදු ආරක්ෂාවට තර්ජනයක් වී නැහැ. නමුත් මෙම පාතාල කණ්ඩායම් දීර්ඝ කාලයක සිට වර්ධනය වුණු විවිධ ක්ෂේත්‍රවලට, ආයතනවලට පැතිරිලා තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ සබඳතා විනාශකාරී ජාලයක් බවට වර්ධනය වෙලා තියෙනවා.

අපි දැඩි උත්සාහයක් ගන්නවා මැඩපවත්වන්න. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා අපිට මේ වැඩේ කරන්න පුළුවන් කියලා. මේවා වර්ධනය වුණේ දේශපාලන රැකවරණය යටතේ. දැන් දේශපාලන රැකවරණය නැහැ. අනෙක් පැත්තෙන් අපිට සමහර තොරතුරු ලැබෙමින් තිබෙනවා අපි ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරලා තිබෙනවා.

මේවා හුදු පාතාල කල්ලි තව කල්ලියක් එක්ක ගැටුමක් ද, මේ පිටුපස කවරහෝ හස්තයක් විසින් මේ සියල්ල ඒකාබද්ධ කර මෙහෙය වනවා ද කියන සැකය ගොඩ නැගෙමින් තිබෙනවා. ඒ පිළිබඳ පරීක්ෂණ අපි ආරම්භ කරලා තිබෙන්නේ.”

අද (23) මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදාගැනීමට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *