පාඩු ලැබු සතොස වසර 07කට පසු ලාභ ලබයි…! වසරේ මුල් මාස 09ට කෝටි 3000ක ආදායමක්…! සැප්තැම්බර් ආදායම කෝටි 400යි…!

October 12, 2021 at 7:13 am | by emanisa.lk

පාඩු පිට පාඩු ලබමින් සිටි ලංකා සතොස ආයතනය 2021 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 09ක කාලයක් තුළ රුපියල් කෝටි 3,000ක සමස්ත ආදායමක් වාර්තා කර තිබේ.

ලංකා සතොස ආයතනය ඉකුත් සැප්තැම්බර් මාසයේ දී පමණක් රුපියල් කෝටි 400ක ආදායමක් වාර්තා කර ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

සෑම මසකම රුපියල් කෝටි දහයකට වැඩි අලාභයක් වාර්තා කරමින් සිටි සතොස ආයතනය වසර හතකට පසුව ලාබ ලබන තත්ත්වයට පත්ව ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

2019 වර්ෂයේ ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා වාර්තා කළ අලෙවිය රුපියල් කෝටි 1,990කි. ඒ අනුව, ලංකා සතොස ආයතනය 2019 මුල් මාස 09 තුළ ලද සමස්ත අලෙවියට සාපේක්ෂව 2021 මුල් මාස 09 දී 50%ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බවද හෙතෙම කීවේය.

රත්නපුර නගරයේ ලංකා සතොස නව අලෙවි ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට පෙරේදා (10) එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *