පාඩු පිට පාඩු ලබන රාජ්‍ය ආයතන සභාපතිවරුන්ට මාසිකව ලක්ෂ 25 දක්වා වැටුප් සහ දීමනා….!

July 4, 2021 at 7:48 am | by emanisa.lk

රාජ්‍ය සේවයේ සභාපතිවරුන් ඇතුළු ඉහළ නිලධාරීන්ගේ වැටුප අඩු කළ යුතු බවට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතත් තවමත් රජයේ ආයතන 25ක ප්‍රධානීන් මාසිකව වැටුප් හා දීමනා ලෙස රුපියල් ලක්ෂ 7 සිට 25 දක්වා ලබන බව වාර්තා වෙයි.

මෙවැනි වැටුප් හා දීමනා ලබා ගන්නා ප්‍රධානීන් සිටින ආයතන බොහොමයක් මේ වන විට පාඩු ලබන මට්ටමේ ඒවා වීම ද විශේෂත්වයකි. ඇතැම් ආයතන ප්‍රධානීන් නීත්‍යානුකූල නොවන ආකාරයට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය පමණක් ලබාගෙන සිය දීමනා වැඩිකර ගෙන ඇති බවද වාර්තාවෙයි.

ඇමති කමිටුවක් මගින් මෑතක දී කරන ලද විමර්ශනයකදී ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙකු වැටුප් සහ දීමලා ලෙස ලක්ෂ 22 ක් මාසිකව ලබන බව අනාවරණය වී තිබේ.

මේ තරම් විශාල ලෙස වැටුප් හා දීමනා වශයෙන් ලබමින් පාඩු පිට පවත්වා ගෙන යන ආයතන පිළිබඳව ජනාධිපතිවරයාට වාර්තාවක් ලබා දීමට මෙම ඇමැති කමිටුව සූදානම්න් සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස