පාඨලී හෝ ෆොන්සේකා 2024 ජනපති කරන්න නාගානන්ද සූදානම්…! – නාගානන්ද…

October 12, 2021 at 8:13 am | by emanisa.lk

ලබන ජනාධිපති මැතිවරණයේ දී (2024) නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය, ජනතා පරමාධිපත්‍යය, ජනතාවට වගකීම හා විනිවිදභාවය එනයින්ම ආරක්ෂා කරන යෝජිත ජන සම්මත ව්‍යවස්ථාව එඩිතරව, නිර්භයව පිළිගෙන එය ජනතාවට ඉදිරිපත් කර ජනතා මනාපය ඊට පක්ෂව අයැද සිටිමින් ජනරජයේ පරම අධිකාරිය වන ජනතා මනාපයෙන් එය රටේ උත්තරීතර නීතිය ලෙස සම්මත කිරීමේ වගකීම පිළිගන්නා පුද්ගලයා පමණක් නිශ්චිතවම ජයගනු ඇත.

රටේ දේශපාලන යථාර්ථයක් ඇත. ඒ ප්‍රධාන පක්ෂ දෙකෙන් පොල් පිත්තක් දැමුවද මේ රටේ මිනිස්සු එම පොල් පිත්ත පිළිගැනීමයි. එහෙයින් මෙම අවස්ථාව වන විට මාතෘ භුමිය කා විනාශ කරන අපරාධකරුවන්ගෙන් (225+1) ගලවා ගැනීමට ඇත්තේ එකම මාධ්‍යයක් පමණයි.

එනම් රට වැටී ඇති නරකාදියෙන් ගලවා, රට ගමන් කරන දිශානතිය යහපත් මගකට යොමු කිරීමට ඇති එකම මාධ්‍ය දැනට ජනතාව වෙත ඉදිරිපත් කර ඇති එම ජන සම්මත ජනරජ ව්‍යවස්ථාව එනයින්ම පිළිගෙන නාගානන්ද සමග නීතිය හමුවේ බලාත්මක කළ හැකි ගිවිසුමකට ප්‍රධාන පක්ෂ දෙකෙන් ඉදිරිපත් වන තැනැත්තා ගිවිසුම්ගත වීමයි.

සියලුම දේශපාලන පක්ෂ තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම එමගින් අනිවාර්ය කර ඇති හෙයින්ද, නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කර අධිකරණය පාර්ලිමේන්තුවේ ග්‍රහණයෙන් සම්පුර්ණයෙන් නිදහස් කර ඇති හෙයින්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීන් 60 ඡන්ද කොට්ඨාශ මට්ටමින් වැඩි චන්දයෙන් පත්කිරීමට එමගින් යෝජනා කර ඇති හෙයින්ද, තම පක්ෂ නායකකම ගිලිහි යනු ඇතැයි යන බියෙන් ජවිපෙ නායක එම ජන සම්මත ජනරජ ව්‍යවස්ථාව දැනටමත් සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කර ඇත. එහෙයින් දැනට ඇති ජන මනාපය 3% 53% දක්වා වර්ධනය කර ජනාධිපති වීමේ සිහිනය දකිමින් පක්ෂයත් සමගම අනාථවීමේ සම්පුර්ණ නිදහස ජවිපෙ නායකයාට ඇත.

පසුගිය ජනාධිපති මැතිවරණයේදී සජිත් එම යෝජිත ජන සම්මත ජනරජ ව්‍යවස්ථාව පිළිගනු ලැබුවේය. තමන් එය ජනතාවට ඉදිරිපත් කර බලගන්වන බවට මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කරමින් ඔහු සමග එක්වන ලෙස නාගානන්දගෙන් ඉල්ලා සිටියේය. නමුත් ඔහුට එය ජනතාව හමුවට ඉදිරිපත් කර රටේ ජනතාවගේ සෘජු මනාපයෙන් එය රටේ උත්තරීතර නිතිය ලෙස බලගන්වන බවට නීතිය හමුවේ බලාත්මක කළ හැකි ගිවිසුමකට නාගානන්ද සමග එළඹීමට නොහැකි විය. එය සජිත්ගේ පෞරුෂය පිළිබඳ ප්‍රශ්නයකි. එහෙයින් නාගානන්දට ඔහුව ප්‍රතික්ෂේප කිරීමට සිදුවිය.

චම්පික රණවක එවකට ඝෝඨාභය මෙන්ම දැනට කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන පරපතළ අපරාධ නඩුවක ප්‍රධාන චුදිතයාය. ඔහුට එරෙහිව පවරා ඇති බරපතළ අපරාධ නඩුව (තරුණයකු වාහනයක හප්පා වගකීම රියන්දුරෙකුට පැවරීම) සම්බන්ධයෙන් සියලු තොරතුරු නාගානන්ද සැකයෙන් තොරව දනී. එම තරුණයාගෙන් ප්‍රසිද්ධියේ සමාව ගෙන අවම වශයෙන් රුපියල් කෝටියක මුදලක් එම තරුණයාට ගෙවා වරද නිවැරදි කරගෙන ඉදිරිපත් වුවහොත්, එවිට ඔහුට තම නියෝජිතයා ලෙස පිළිගැනීමට රටේ ජනතාව කැමැත්ත පලකළහොත් පමණක් නාගානන්ද ඔහු සමග සාකච්ඡා කිරීමට කැමැත්ත පළකරයි.

ව්‍යාජ සෞභාග්‍යයේ දැක්මක් ජනතාවට ඉදිරිපත්කර රටම අනාථ කල ඝෝඨාභයගෙන් හොඳ පාඩමක් ඉගෙන ගත් ජනතාව නැවත එම නරකාදියට තල්ලු කිරීමට වෙනත් කිසිවකුට මහජන අයිතිය සෘජුව බලගන්වන නාගානන්දගෙන් අවස්ථාවක් නොලැබෙනු ඇත. සරත් ෆොන්සේකාට මේ අවස්ථාව වන විට එවැනි බරපතළ අපරාධ චෝදනා කිසිවක් නැත. ඔහු වසර 30 කට අධික කුරුරු යුද්ධයෙන් රට ජාතිය ගලවා ගත් සෙන්පතියා වශයෙන් ජන ප්‍රසාදයක් ලබා සිටින එකම සෙන්පතියා ඔහුය.

ජන සම්මත ව්‍යවස්ථාව එලෙසම ජනතාවට ඉදිරිපත් කර රටේ උත්තරීතර නීතිය ලෙස ජනතාවගේ මනාපයෙන් බලගැන්වීමේ වගකීම භාරගත හැක. ඉහතින් සඳහන් කර ඇති කොන්දේසිවල‍ට යටත්ව ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකින් පමණක් ඉදිරිපත් වන්නේ නම් චම්පික හෝ සරත් ෆොන්සේකා සමග සාකච්ඡා කිරීමට නාගානන්ද ඕනෑම අවස්ථාවක සුදානම්ය. සජිත් තවම තරුණයෙකි. ඔහුට දේශපාලනය ගැන තව බොහෝ දේ ඉගෙන ගැනීමට ඇත. ඔහුට ඇති ලොකුම ප්‍රශ්ණය කලින් කී පරිදි පෞරුෂය පිළිබඳ ප්‍රශ්නයකි.

එක්කෝ ඔහු එය වහා නිවැරදි කරගෙන සෘජුව රට ගලවා ගැනීම සඳහා නාගානන්ද සමග ගිවිසුම් ගත විය යුතුය. එසේ නැතහොත් පොහොට්ටුවට සෘජු අභියෝගයක් දිය හැකි මනා පෞරුෂයක් ඇති අයකුට විපක්ෂය නියෝජනය කිරීමේ අවස්ථාව ලබාදී තාවකාලිකව තම අවස්ථාව වෙනුවෙන් කල් යල් බැලිය යුතුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස