පාඨලීගේ ප්‍රකාශය ගැන අහන්න මද්දුමබණ්ඩාර ගෙදරට ම යයි…!

June 13, 2021 at 7:54 am | by emanisa.lk

සජිත් ප්‍රේමදාසගේ හැසිරීම අනුව ඔහුගේ දේශපාලන අනාගතය තීන්දු වනු ඇති බවට සිදුකළ ප්‍රකාශය පිළිබඳ විමසීම සඳහා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පාඨලී චම්පික රණවක හමු වී තිබේ.

විවිධ ප්‍රකාශ නිකුත් කිරීම පක්ෂයේ එකමුතුභාවයට ගැටලුවක් බව එහි දී මද්දුමබණ්ඩාර පෙන්වා දී තිබේ. එහි දී පාඨලී පවසා ඇත්තේ තම ප්‍රකාශය පිළිබඳ විවිධ අර්ථකථන ලබා දීම සුදුසු නොවන බව ය.

එම අර්ථකථන පක්ෂයේ මතය නොවන බවත් සමගි බලවේගයේ සාමාජිකත්වය රැගෙන පක්ෂයට එකතු වන ලෙසත් මෙහි දී රංජිත් මද්දුමබණ්ඩාර පවසා තිබේ.

පාඨලී චම්පික රණවකගේ බත්තරමුල්ල නිවසේ දී මෙම හමුව සිදුව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *