ප්‍රේමදාස යුගයක් ගේනවා කියල ජනතාව රවට්ටන්න බෑ…! උද්ඝෝෂණ විරෝධතාවලින් ආණ්ඩු හදන්න බෑ…! – පාඨලී සජිත්ට නම නොකියා පහර දෙයි..

November 1, 2021 at 3:42 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව කෙරෙහි ජනතාව කලකිරුණ ද එජාපය හෝ සමගි ජන බලවේගය නැවත බලයට ගෙන ඒමේ රැල්ලක් රටේ නොමැති බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

2015 එවැනි බලාපොරොත්තුවකින් ඡන්දය ලබා දුන්න ද යහපාලන ආණ්ඩුව එම බලාපොරොත්තුව කඩකළ බව ඔහු අවධාරණය කරයි.

පාඨලී චම්පික ප්‍රකාශ කරන්නේ නැවත සේනානායක යුගයක් රණසිංහ ප්‍රේමදාස යුගයක් ඇති කරන බව පැවසීමෙන් මෙය වෙනස් කළ නොහැකි බවයි.

රටට නව පරපුර විසින් නව යුගයක් උදා කළ යුතු බත් උද්ඝෝෂණ, පෙළපාලි හෝ බිම් මට්ටම සංවිධානය කිරීමෙන් බලය ලබාගත නොහැකි බවත් හෙතෙම පෙන්වා දෙයි.

එවැනි කෙටි මං ඔස්සේ පිහිටුවන ආණ්ඩුවක් මාස හයක් පවත්වා ගෙන යාමට නොහැකි බවත් පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

වත්තල සමගි ජන බලවේග නායක හරීන් ප්‍රනාන්දුගේ කාර්යාලය විවෘත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද (01) පැවැති උත්සය අවස්ථාවට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *