ප්‍රේමදාසලා ළඟ බොරු පම්පෝරි නෑ! තාත්තට පුළුවන් නම් පුතාටත් පුළුවන්! – සජිත්

July 11, 2020 at 1:57 pm | by emanisa.lk

තමන්ගේ පියා වන රණසිංහ ප්‍රේමදාස රට තුළ යුද්ධයක් පවතින කාලයක දී පවා නිල ඇඳුම්, දිවා ආහාර ලබා දුන් බවත් තාත්තාට පුළුවන් නම් පුතාටත් පුළුවන් බවත් සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස පවසයි.

කවුරු කුමන විවේචන සිදුකළ ද, සෑම පවුලකටම රුපියල් 20,000ක දීමනාව ලබාදීම තම රජයක් යටතේ සිදුකරන බව ද ඔහු පවසයි.

“අද රටේ ආර්ථිකය හොඳටම කඩා වැටිලා කිසිම ආර්ථික සැලැසුමක් මේ ආණ්ඩුවට නෑ. ආර්ථික විශේෂඥයෝ යැයි කියා ගන්නා අය මාධ්‍ය සංදර්ශන පෙන්වනවා. දවස ගානේ මාධ්‍ය සිරස්තලවල විතරක් ලොකුවට පෙනී ඉන්නවා විතරයි කරන්නේ. අපේ ආණ්ඩුවක් මගින් මේ ක්‍රමවේදය වෙනුවට සහන ක්‍රම 3ක් ලබා දෙනවා.

සියලුම දුප්පත් පවුලක් සඳහාම මසකට රු. 20000ක් දෙනවා. 4%ට සහන පොලී පදනම මේ ආණ්ඩුව යටතේ දෙනවා කියන ණය මුදල් තවම කිසිවෙකුට දීලා නම් නෑ. අපේ රජයක් මගින් ඒ සියලු දෙනාට 4%ට පොලී සහිත ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනවා. බොරුවට මාධ්‍ය ඉස්සරාහට ඇවිල්ලා මේ සජිත් ප්‍රේමදාස පම්පෝරි ගහන්නේ නෑ. රණසිංහ ප්‍රේමදාසලා දෙනවා කිව්වොත් කරනවා කිව්වොත් කරලා පෙන්නන අය.

ඒ නිසා මේ රටේ සියලු ජනතාව ජනසවියෙන්, ජන ශක්තියෙන්, ශ්‍රම ශක්තියෙන් නැගිටන යුගය වැඩි ඈතක නෙමෙයි. එළැඹෙන දවස් කීපයේ දී මේ රටේ රාජ්‍ය සේවකයාට දෙපාරක් නොහිතා දුරකතනය ඉදිරියේ ඡන්දය පාවිච්චි කරන්නට අවස්ථාව උදාවෙලා තියෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස