ප්‍රිමා සමාගම පිටි මිල ඉහළ නැංවීම නීති විරෝධීයි..! වැඩි මිලට පිටි විකුණන ව්‍යාපාරිකයින්ට නඩු දමනු…!- රංජිත් විතානගේ…

September 3, 2021 at 6:44 pm | by emanisa.lk

නීති විරෝධී ලෙස හදිසියේ මිල ඉහළ නැංවූ ප්‍රිමා ආයතනයේ තිරිඟු පිටි මිලට නොගන්නා ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටියි

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසන්නේ ප්‍රිමා සමාගම තිරිඟු පිටි මිල ඉහළ නැංවීම නීති වරෝධී මෙන් ම කොවිඩ් වසංගත සමයෙහි සදාචාර සම්පන්න නොවන බවය.

පාරිභෝගික සේවා අධිකාරිය තිරිඟු පිටි ඉහළ නැංවීමට ප්‍රීමා සමාගමට අවසර ලබා දී නොමැති බවත් එහෙයින් අත්තනෝමතික ලෙස මිල ඉහළ නැංවීම නීති විරෝධී බවත් ඔහු අවධාරණය කරයි. මෙයට පෙර ප්‍රිමා සමාගම මේ ආකාරයට ම මිල ඉහළ නැංවුව ද එය අහෝසි වූ බවත් හෙතෙම පෙන්වා දෙයි.

තිරිඟු පිටි කිලෝවක් රු. 87ක උපරිම සිල්ලරට මිලට වඩා වැඩි මිලට අලෙවි කරන ව්‍යාපාරිකයින්ට එරෙහි පාරිභෝගික සේවා අධිකාරිය නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් රංජිත් විතානගේ වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *