ප්‍රහාර මාලාව රට පුරා පැතිර යයි! පාසල් වසා දැමේ! බස් දුම්රිය පාර්සල් ගෙන යාම නවතයි!

April 21, 2019 at 3:50 pm | by admin

ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව මේ වන විට රට පුරා පැතිර යාමේ අවදානමත් මතුව ඇති නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට උදෑසන 6 දක්වා බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.

එසේම අලුත් අවුරුදු නිවාඩුවට පසු හෙට ආරම්භ කිරීමට නියමිතව තිබූ පාසල් ඇතුළු සියලු පාසල් හෙට සහ අනිත්දා (22 සහ 23) වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

මේ අතර උද්ගතව ඇති තත්ත්වය හමුවේ සිය බස් රථවලට පාර්සල් ඇතුළු කර ගැනීම තාවකාලිකව නතර කර දමන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. එසේම දුම්රිය පාර්සල් ප්‍රවාහනය ද නතර කර දැමීමට දුම්රිය බලධාරීන් තීන්දු කර ඇත.

ආරක්ෂක අංශ විසින් කටුනායක ගුවන්තොටුපළේ ආරක්ෂාව ද තහවුරු කර ඇති අතර ගුවන් තොටුපළ පිවිසුම් වෙත ඇතුළු වීමට ඉඩ ලබා දෙන්නේ විදෙස්ගත වන්නාට පමණක් බව ද වාර්තා විය. එසේම විදෙස්ගත වන අයට පැය 4කට පෙර ගුවන්තොටුපළට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස