ප්‍රභූ ඝාතන චෝදනා ලද DIG නාලකට ඇප!

May 21, 2019 at 3:15 pm | by admin

ප්‍රභූ ඝාතන චෝදනාවක් සඳහා වසරකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (21) නියෝග කළේය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට ඇප නියම කරමින් මහේස්ත්‍රාත්වරයා ඔහුට රුපියල් 25000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරිර ඇප දෙකක් නියම කරනු ලැබීය. එමෙන්ම නාලක සිල්වාට විදේශ ගතවිමද මහේස්ත්‍රාත්වරයා විසින් තහනම් කරනු ලැබීය.

ඔහු අත්අඩංගුවට ගත්තේ ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කිරීමට සැලසුම් කළ බවට චෝදනා කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *