ප්‍රභූවරු මාර්ග වසාගෙන ඉගිලුණු යුගයත් නිමයි! ජනපති ගෝඨාභයත් ජනතාව සමග ට්‍රැෆික් එකේ!

November 22, 2019 at 8:24 pm | by emanisa.lk

මෙතෙක් ජනාධිපතිවරු ඇතුළු ඉහළ ප්‍රභූවරුන් පොදු මහජනතාවට මාර්ග වසා දමා සුව පහසුවේ ගමන් බිමන් ගිය යුගය නිමා කිරීමට අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර තිබේ.

ජනාධිපතිවරයා අද (22) සවස සෙසු ජනතාව ද දැඩි වාහන තදබදයක් සහිත මාර්ගයක ගමන් කරන ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් අප වෙත ලැබී ඇත.

ඒ අවස්ථාවේ කොළඹ ධර්මපාල මාවතේ මහජන පුස්තකාලය අසල ජනාධිපතිවරයාගේ නිල රථය එක් ආරක්ෂක රථයක් සමග වාහන තදබදයට හසුව පැවතිණි.

ජනාධිපතිවරයාගේ නිල රථයට පෙර ගමන් යන යතුරු පැදියක ගමන් කරන පොලිස් නිලධාරියකු මාර්ගයේ ඉඩ ලබා ගැනීමට උත්සාහ කරන ආකාරය ද එහි දැකිය හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස