ප්‍රභාකරන් නුවරඑළියෙන් පොහොට්ටුවෙන්!

February 18, 2020 at 7:13 am | by emanisa.lk

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තම සහෝදරයා වන මුත්තයියා ප්‍රභාකරන් තරඟ කරන බව සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

ඔහු නුවරඑලිය දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය .

තමන් තරඟ වදින බවට පළ වන වාර්තා අසත්‍ය බව ද පැවසූ ඔහු තම සහෝදරයා වතුකර ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වීමට සූදානමින් සිටින බව සඳහන් කරයි.

මුත්තයියා මුරලිදරන් පසුගිය ජනපතිවරණ සමයේ වියත්මග වැඩසටහන්වලට එක්වී ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය ශක්තිමත් කිරීමට කැපවිය.

අනතුරුව ගෝඨාභය ජනපති වූ පසුව මුරලිදරන්ට උතුරේ ආණ්ඩුකාර ධූරය භාර ගන්නා ලෙස ආරාධනා කළ නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස