ප්‍රභාකරන් අවසන් කළ සේනාංකයට අණදුන් කමල් ගුණරත්න අත්අඩංගුවට ගන්න! – යස්මින් සූකා

December 12, 2019 at 12:29 pm | by emanisa.lk

ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කළ බව දන්වමින් එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා පිටු 100 ක විමර්ශන වාර්තාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරමින් සර්වලෝක නීතිය යටතේ ඔහු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ඇත.

කමල් ගුණරත්න මහතාගේ 53 වැනි සේනාංකය පුදුකුඩිඉරිප්පු මුල්ලිවයික්කාල් සහ පුදුමාතලන් අල්ලා ගැනීමට කි‍්‍රයා කළ බවත් ඉන් දහස් ගණනක ජනතාවට හානි සිදුවූ බවත් ඇය දන්වා තිබේ.

මේ හැර යුද හමුදාව විසින් බේරාගත් තුන්ලක්‍ෂයක ජනතාව මැණික් ෆාම් කඳවුරේ රඳවා ගැනීම ගැනද යස්මින් සුකා චෝදනා කර ඇත.

කමල් ගුණරත්න විදෙස් රටකට පැමිණියහොත් ඔහු අත්අඩංගුවට ගැනීම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සම්බන්ධ රටවල් 47 ක් ලවා කි‍්‍රයාත්මක කරන ලෙසද ඇය ඉල්ලා තිබේ.

ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක ලේකම්වරයාද අත්අඩංගුවට ගන්නැයි මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වූ මුල්ම පැමිණිල්ල මෙයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස