ප්‍රභාකරන්ට වඩා වරාය භයානකයි! යකඩ ගැහැනිය ඒකයි අයින් කළේ!

February 7, 2019 at 3:08 am | by admin

පසුගිය යුද සමයේ ප්‍රභාකරන්ට මුහුණ දුන් චාල්ස් මැතිනියට පවා වරාය අභියෝගාත්මක හෙයින් ඈ වෙනුවට හමුදා නිලධාරියකු පත් කිරීමට තීන්දු කළ බව අමාත්‍ය මංගල සමරවීර පවසයි.

නැවත වැඩ භාරගත් රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය ද සහභාගී වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඇමතිවරයා කියා සිටියේ රේගුවේ ආදායම අඩු වූයේ ඈ නිසා නොවන බවත් මේ වන විට රේගුව ව්‍යාපාරික මාෆියාවක් මගින් පාලනය වන බවත්ය.

එසේම රටට විශාල වශයෙන් ආදායම් අහිමි කරන කරුංකා සහ ගම්මිරිස් ජාවාරමක් සිදුවන බව ද ඒ සඳහා පෙර ආණ්ඩුවේ ප්‍රබලයන් එදා සම්බන්ධ වූ අතර අද වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයන් ද සම්බන්ධ යැයි චෝදනා කළේය.

මෙම කරුංකා සහ ගම්මිරිස් ජාවාරම මුල් වරට හෙළි කළේ වරාය වෘත්තීය සමිති වන අතර එම චෝදනාව නැඟුණේ ඇමති රිෂාඩ් බදූර්දීන්ට සහ ඔහුගේ සොහොයුරාටය. ඔහු රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුව ද නියෝජනය කරයි. මේ අතර බදූර්දීන් ඇමතිවරයා ඊයේ පවසා තිබුණේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියට තමා බලපෑම් නොකළ බවත් ඈ බවත් කිරීම අනුමත කළ නොහැකි බවත්ය. ඇමති මංගල අදාළ චෝදනාව නැඟවේ ඊට පසු වීම ද විශේෂත්වයකි.

කෙසේ වුවද කරුංකා ගම්මිරිස් චෝදනාව මිස ඒ සමග එල්ල වූ මෝටර් රථ ගෙන්වීම හා සම්බන්ධ මහ පරිමාණ වංචා ගැන ඇමතිවරයා කිසිවක් සඳහන් කළේ ද නැත.

මේ අතර ඔහු රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කිරීමට උත්සාහ කළේ පසුගිය සමයේ නාවික හමුදා ප්‍රබලයෙකුට විරුද්ධව සාක්ෂි ලබා දුන් නිලධාරියකු බවට ද චෝදනා නැඟිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස