ප්‍රභාකරන්ට ‘මහත්තයා’ කී අයට ‘බල්ලා’ කිව්වා ම කේන්ති ගිහිල්ලා….! – මුසාම්මිල්…

January 13, 2021 at 5:01 pm | by emanisa.lk

එකල වේළුපිල්ලේ ප්‍රභාකරන්ට මහත්තයා යැයි කී විට අත්පොළසන් ගැසූ අය ජනාධිපතිතුමාට ප්‍රභාකරන් බල්ලලෙක් වගේ ඇදන් ආවේ යැයි කී විට බණින්න පටන් ගෙන ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාම්මිල් පවසයි.

ආදාහනය ද භූමදානය ද යන ප්‍රශ්නය සමාජ සංවාදයට ගෙන ආවේ රටේ අන්තවාදයට පදනම් වන මද්රාසා පාසල් පිළිබඳ කථිකාව යටපත් කිරීමට බව ද ඔහු පෙන්වා දෙයි.

මුස්ලිම් සංස්කෘතිය තුළ ආදාහනය පිළිනොගත්ත ද සමස්ත රට වෙනුවෙන් රජය පැන වූ නීතියට තමන් අනුමත විය යුතු බවත් ඔහු සඳහන් කළේ ය.

හෙට කොරෝනා ආසාදිත වී මියගියහොත් මිලියන 22ක් ජනතාව වෙනුවෙන් තමන්ට ද ආදාහනය වීමට සිදුවන බව මන්ත්‍රිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය.

දෙරණ වාදපිටියට ඊයේ (12) එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *