ප්‍රභාකරන්ගේ ගමේ බලයත් දෙමළ සන්ධානයට අහිමි වෙයි…! නව නගරාධිපති ධූරය විරුද්ධ පක්ෂ අපේක්ෂකයාට….!

September 23, 2021 at 9:52 am | by emanisa.lk

යාපනය, වැල්වැටිතුරෙයි නගර සභාවේ බලය දෙමළ ජාතික සන්ධානයෙන් ගිලිහි නව නගරාධිපතිවරයා ලෙසට ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන එස්. සෙල්වේන්ද්‍ර ඊයේ (22) තේරී පත්විය.

වැල්වැටිතුරෙයි කොටි නායක ප්‍රභාකරන් උපන් ගම වන අතර නගරාධිපති ලෙස කටයුතු කළ දෙමළ ජාතික සන්ධානයේ කෝනලිංගම් කරුණානන්දරාසා කොවිඩ් ආසාදිතව පසුගියදා ජීවිතක්ෂයට පත්විය. අනතුරුව නව නගරාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම ඊයේ පැවැත්වීමේ දී ස්වාධීන කණ්ඩායම නියෝජනය කළ සෙල්වේන්ද්‍ර තේරී තිබේ.

උතුරු පළාත් පළාත් පාලන කොමසාරිස් පී. පැට්‍රික් ඩිරන්ජන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ඡන්ද විමසීම පැවැත්විණි.
නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්දයේ දී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ එස්. සදීශ් නමැති නියෝජිතයාට වඩා වැඩි ඡන්ද පහක් ලබා ගැනීමට එස්. සෙල්වේන්ද්‍ර සමත් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *