ප්‍රබල විධායකයක් ස්ථාපිත කරන නව ව්‍යවස්ථාවක් සහ ස්ථාවර පාර්ලිමේන්තුවක් හදන මැතිවරණ ක්‍රමයක් රටට ඕන! – ජනපති

January 3, 2020 at 2:52 pm | by emanisa.lk

දැනට 19 වතාවක් සංශෝධනය වී තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වෙනස්කම් ඇතිවිය යුතු බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

“19 වතාවක් සංශෝධනය වී ඇති අපේ ව්‍යවස්ථාව නිසා වර්තමානයේ ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා. දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වෙනස්කම් ඇතිවිය යුතුමයි.

වර්තමාන මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් ඇතිවිය යුතුයි. අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නෑ. ප්‍රභල විධායකයක්, ව්‍යවස්ථා දායකයන් හා අධිකරණයක් ස්ථිපිත කිරීම නව ව්‍යවස්ථාවකින් සිදුවිය යුතුයි.”

අද (03) පාර්ලිමේන්තුවේ සිව්වෙනි සභාවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස