ප්‍රබල ඇමැති ධූර 04ක් වෙනස් වෙයි…! සමහරු නොසතුටින්…!

August 15, 2021 at 7:40 am | by emanisa.lk

කැබිනට් අමාත්‍යවරුන් හතර දෙනකුගේ පමණක් විෂය පථයන් වෙනස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මහාචාර්ය ජී. එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම සහ කෙහෙළිය රඹුක්වැල්ල යන අමාත්‍යවරුන් සිවුදෙනාගේ විෂය පථ වෙනස් කරනු ඇත.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ද, මහාචාර්ය ජී. එල්. පීරිස් විදේශ කටයුතු ඇමැතිවරයා වශයෙන් ද ඩලස් අලහප්පෙරුම ජනමාධ්‍ය ඇමැතිවරයා වශයෙන් ද කෙහෙළිය රඹුක්වැල්ල විදුලිබල ඇමතිවරයා වශයෙන් ද පත්කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

එම ඇමති සංශෝධනය අනිද්දා (17) දිනයේ දී සිදු කෙරෙනු ඇතැයි ද වාර්තා වේ.

මේ අතර ඩලස් අලහප්පෙරුම තමන්ට ලැබීමට නියමිත නව අමාත්‍ය ධූරය පිළිබඳ නොසතුට පළකර තිබේ. ඔහු එය තමන්ට සිදුකළ කැපිල්ලක් ලෙස සලකන අතර ආණ්ඩුව පවසන්නේ තම කටයුතු වඩා හොඳින් ජනතාව අතරට ගෙන යාමට ඔහුට ජනමාධ්‍ය අමාත්‍යංශය ලබා දෙන බවකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *