ප්‍රතික්ෂේපිත චීන පොහොර නැව සටන අතනාරී ..! රටේ නීතියට අභියෝග කරමින් අදත් ලංකා මුහුදේ…!

November 6, 2021 at 4:07 pm | by emanisa.lk

ප්‍රතික්ෂේපිත චීන පොහොර රැගත් හිපෝ ස්පිරිට් (Hippo Spirit) නැව කොළඹ වරායට ආසන්නව නතර කර ඇති බව, නාවික ගමනාගමන දත්ත ඇතුළත් සමුද්‍රීය වෙබ් අඩවි අනාවරණය කරයි.

අද(06) උදෑසන මෙම හිපෝ ස්පිරිට් නෞකාව ශ්‍රී ලංකා මුහුදේ බටහිර මුහුදු ප්‍රදේශය දෙසට යාත්‍රා කරමින් සිටින බවට එම වෙබ් අඩවි අනාවරණය කර තිබිණි.

අවස්ථා දෙකකදීම මෙම පොහොර තොගයේ හානිකර බැක්ටීරියා අඩංගු බව තහවුරු වීම හේතුවෙන්, මෙය භාර ගැනීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළේ ය.

මේ අතර හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙරටට එවූ චීන සමාගමට ගෙවීම් කිරීම අවහිර කරමින් නිකුත් කර තිබූ වාරණ නියෝගය ලබන 19 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ද අධිකරණය ඊයේ (05) නියෝග කළේ ය.

තව ද ආන්දෝලනාත්මක චීන කාබනික පොහොර අඩංගු නෞකාවේ ඇති පොහොර ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු සහිත වාර්තාවක් චීන තානාපති කාර්යාලයට ලබා දීමට තීරණය කර ඇතැයි, ඊයේ (05) වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *