ප්‍රංශ සංචාරක බුබුළක් මෙරට සංචාරයේ…..! යාල උඩවලව බුබුළට පමණක් ඇරේ….!

June 6, 2021 at 5:41 pm | by emanisa.lk

ප්‍රංශ නාවික හමුදාවේ සාමාජිකයන් පිරිසකට නැරඹීම සඳහා පමණක් යාල සහ උඩවලව ජාතික වනෝද්‍යාන ලබන 8 වැනි දා විවෘත කරන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසයි.

එරට නාවික හමුදාව කළ ඉල්ලීමක් අනුව මෙම විශේෂ අවසරය ලබා දුන් බව ද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරයි

ප්‍රංශ නාවිකයන් පිරිස ජෛව බුබුළක් යටතේ මෙරටට පැමිණෙන බවත් එම නාවිකයන්ගේ මෙම සංචාරය සංචාරක අමාත්‍යාංශය සංවිධානය කර ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙවැනි විදේශීය සංචාරක කණ්ඩායම් මෙරට සත්වෝද්‍යාන නැරඹීමට පැමිණෙන්නේ නම් ඔවුන්ට කොවිඩ් ආසාදිත නොමැති බවට සංචාරක මණ්ඩලය සහතිකයක් දිය යුතු බව ද රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය මාස පහේ සංචාරක බුබුළු ක්‍රමයට මාලදිවයිනට ලක්ෂ 4.5ක පමණ සංචාරකයින් පැමිණ ඇති අතර එරට හොටෙල් 80%ක් පමණ පිරී ඇතැයි වාර්තා වෙයි. එහෙත් ලංකාවට පැමිණ ඇත්තේ 15 000ක් පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *