එළඹෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව සමඟි ජන සන්ධානයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරමින් ඔවුන් සමඟ එක වූ හිටපු අමාත්‍යය ප්‍රභා ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්රජාතන්ත්රවාදි ජනතා කොංග්‍රසය සහ මානුෂීය ජනතා සන්ධානය ස්වාධීන වීමට තීරණය කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
සමඟියට 27ක් ලෙස එම එකඟතාවට අත්සන් තැබුවද එම එකඟතාව ලියවිල්ලකට පමණක් සීමා වී ඇති බවට එම කණ්ඩායම චෝදනා කරයි.
ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට අදාළව ප්රචාරක කටයුතුවලට එම 27 කණ්ඩායම සම්බන්ධ කර ගැනීමට සමඟි ජන බලවේගයේ උනන්දුවක් නොමැති බවත් දැනට පවත්වන මහජන රැලි ආමන්ත්‍රණය කිරීමට හෝ අවස්ථාවක් ලබා දී නැති බවත් ඔවුහු සඳහන් කරති.
මෙම අර්බුදය විසඳා ගැනීමට ඊයේ (03) සාකච්ජා කිරීමට ප්‍රභා ගනේෂන් මහතා ප්රමුඛ කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිට ඇතත් ඊට ද අවස්ථාවක් ලැබී නොමැත. ඒ අනුව ඔවුන් සමඟි ජන සන්ධානයේ කටයුතුවලට තව දුරටත් සහය දීම නවතා ස්වාධීන වීමට තීරණයක් ගෙන ඇත.