ප්‍රභාකරන් භාර වුණාම මරලා දැම්මේ… මහින්ද එක්ක තරහ ඒකයි…! – එස්.බී.

January 7, 2025 at 3:31 pm | by emanisa.lk

වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ඔහුගේ දරු පවුල අවසාන යුද සමයේ හමුදාවට භාර වූ බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.

ඒ සඳහා ඉන්දියානු සහ මැලේසියානු තානාපති කාර්යාල බලපෑම් කළ බවත් ඝාතනය නොකරන බවට පොරොන්දු කරවා ගෙන මෙලෙස භාර වූ බවත් හිටපු ඇමතිවරයා අනාවරණය කරයි.

කෙසේ වුව ද ඔවුන් භාර වූ වහා එවක ආණ්ඩුව විසින් එම පිරිස ඝාතනය කළ බව ද මහින්ද රාජපක්ෂ සමග කේන්තියෙන් පසුවන්නේ ඒ නිසා බවත් ඔහු සඳහන් කරයි.

විජේවීර මෙන්ම ප්‍රභාකරන් ද ඝාතනය කිරීමේ වරදක් නොමැති බවත් එසේ නොකළේ නම් යුද්ධය ජයග්‍රහණය කළ නොහැකි බවත් එස්.බී. දිසානායක අවධාරණය කරයි.

මාධ්‍යෙවේදී ශාන් ගනේගොඩ සමග සාකච්ඡාවකට එකතු වෙමින් එස්.බී. දිසානායක මේ බව පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *