පැරණි වී තොග සහල් කර විකිණීමෙන් මහා පරිමාණ සහල් මෝල් හිමියන් තිදෙනකු දිනකට රුපියල් කෝටි දහයක ආදායමක් ලබන වන බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති මුදිත පෙරේරා පෙන්වා දෙන්නේ එම මෝල් හිමියන් මේ දිනවල වෙළඳපොළට නිකුත් කරනු ලබන්නේ පසුගිය කන්නවල දී කිලෝව රු. 60ට පමණ මිලට ගත් වී තොග බවයි.
එමෙන්ම ඉකුත් මහ කන්නයේදී මොවුන් වී මිල දී ගෙන ඇත්තේ කිලෝවක් රුපියල් 110ට බව ද හෙතෙම සඳහන් කළේය.
දැනට රජයේ පාලන මිල යටතේ සහල් අලෙවි කළ ද මොවුන් තිදෙනාට සහල් කිලෝවකින් රුපියල් 50 ක ලාභයක් ඇතැයිද හෙතෙම කියා සිටී.