ප්‍රධාන විපක්ෂ බලය අපට දෙන්න… අනුර එක්ක හොරු අල්ලන්න අපි සූදානම්…! – MJP සභාපති…

October 6, 2024 at 11:36 am | by emanisa.lk

ජාතික ජන බලවේගයට ආසන 113ක් මිස ආසන 150ක් ලබා දිය යුතු නැති බව මව්බිම ජනතා පක්ෂයේ සභාපති රොෂාන් රණසිංහ මහතා පවසයි.

“අනුර කුමාර මහත්තයාගේ ආණ්ඩු බලය දෙන්න ඕනේ.. 113ම දෙන්න… හැබැයි 150 දෙන්න යන්න නම් එපා. 150 ඕනේ ඒවට අපි දෙන්නම්. හොරකම් කරල ගෙනිච්ච සල්ලි ගෙන්න අත උස්සලා 150…. තුනෙන් දෙක දෙන්න අනුර කුමාර මහත්තයාගේ අණ්ඩුවට අපි සූදානම්.

ප්‍රධාන විපක්ෂය අද සර්වජන බලයම එකතුවෙලා ඉන්න මව්බිම ජනතා පක්ෂයට දෙන්න. මොකද ඒකට හොඳ පිරිසිදු පිරිසක්, ආදර්ශමත් කණ්ඩායමක් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙනවා.”

කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පළාත් සභා හා පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසක් ඊයේ (05) මව්බිම ජනතා පක්ෂය සමග එකතු වීමේ අවස්ථාවට එකතු වෙමින් රොෂාන් රණසිංහ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *