ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සාර්ථකයි…. ආර්ථිකය අඛණ්ඩව පුළුල් වෙනවා..! – IMF

August 3, 2024 at 6:11 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථක ලෙස ඉදිරියට යමින් ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

පසුගිය කාර්තු තුනේ මෙරට ආර්ථිකය අඛණ්ඩව පුළුල් වෙමින් පවතින අතර 2024 පළමු කාර්තුවේ 5.3%කින් දළ ජාතික නිෂ්පාදිතය වර්ධනය වී ඇතැයි ද වාර්තාවක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙයි.

ඩොලර් බිලියන 1.2ක්ව පැවැති විදෙස් සංචිත ප්‍රමාණය 2024 වසරේ මුල් භාගය තුළ බිලියන 5.6 දක්වා ඉහළ ගොස් ඇති බව ද එමගින් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

මේ වන විට උද්ධමනය පාලනය කළ ඇති අතර ආර්ථිකය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වීම සඳහා අඛණ්ඩ කැපවීමක් අවශ්‍ය බව ද වැඩි දුරටත් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *