ප්‍රතිකාර සඳහා ගියේ රෝගියෙකු ලෙස මිස ඇමැතිවරයෙකු ලෙස නෙමෙයි..! රෝගියෙකු පීඩාවට පත්කර වීරයකු වන්නට හදන වෛද්‍යවරයා ගැන කනගාටුයි….! – ප්‍රසන්න…

May 8, 2022 at 6:28 pm | by emanisa.lk

තමා ප්‍රතිකාර ලබා ගැනීමට ගියේ රෝගියකු ලෙස බවත් වෛද්‍යවරයකු ඒ ආකාරයෙන් රොගියකුට සලකනු ඇතැයි තමා කිසිසේත් නොසිතූ බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ හත්වැනිදා හවස කොළඹ ලංකා හොස්පිටල්හී මහාචාර්ය රනිල් ජයවර්ධන තමාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් කළ විමසීමට පිළිතුරු සපයමිනි.

“මෙම සිද්ධිය වූ දිනට සති තුනකට පෙරදී වෛද්‍යවරයා චැනල් කළා. ඒ අනුව ලැබුණු අංක තුන යටතේ ඔහු හමුවීමට රෝහලට ගියා. එම අවස්ථාවේදී තමාගේ රෝගි සටහන්පත් කවුන්ටරය වෙත බාර දී විනාඩි හතලිස්පහක පමණ කාලයක් තමාගේ වාරය එනතුරු රෝහලේ රැඳී සිටියා.

එම අවස්ථාවේදී එහි සිටි හෙදියක් මගේ බිරිඳට පළමුවත් අනතුරුව මටත් වෛද්‍යවරයා ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරන පැවසුවා. ඒ අනුව මා වෛද්‍යවරයා හමු වී ඒ ආකාරයෙන් කටයුතු කළේ මන්දැයි තමා විමසූ විට තමා දේශපාලනඥයන්ට ප්‍රතිකාරක නොකරන බව කීවා. මුදල් රැගෙන යන ලෙස ඔහු පැවසුවත් මම සල්ලි ආපහු ගත්තේ නෑ.

මේ සිද්ධිය පිළිබඳව මට යම් කනගාටුවක් තිබෙනවා. මීට පෙර අවස්ථා දෙකක දී ඔහු නිර්දේශ කළ ඖෂධ නිසා ඇති වූ අපහසුතාවට ප්‍රතිකාර ගන්නයි මම ගියේ. නමුත් අවසානයේ දී එකී සංකූලතාවන්ට ප්‍රතිකාරකාර නොලබාම මට රෝහලෙන් පිට වෙන්නට සිදු වූණා.

වෛද්‍යවරයාගෙන් සිදුවූ අකටයුත්ත පිළිබඳව මම මාධ්‍යට කතා කළේ නෑ. නමුත් අදාළ වෛද්‍යවරයා හඬපට නිකුත් කරමින් වීරයකු ලෙස කටයුතු කරනු දක්නට ලැබුණා. රෝගියකු පීඩාවට පත්කොට වෛද්‍යවරයකු එසේ හීරෝ කෙනකු වීම පිළිබඳව කනගාටුවක් වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස