ප්‍රතිකාර ගන්න ගිය ඇමැති රෝහලින් පන්නයි…! එය විශිෂ්ට ක්‍රියාවක් බව ෆීල්ඩ් මාර්ෂල් කියයි…!

May 7, 2022 at 5:49 pm | by emanisa.lk

කිසියම් රෝග තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ගැනීම සඳහා ලංකා රෝහලට ගිය ඇමැති ප්‍රසන්න රණතුංග ආපසු හරවා යවා ඇතැයි වාර්තා වෙයි.

අදාළ විශේෂඥ වෛද්‍යවරයා ඇමැතිවරයාට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කර රෝහලින් ඉවත් වන ලෙස නියෝග කර ඇතැයි එහි වැඩි දුරටත් වාර්තා වෙයි.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි මෙම පුවත “විය යුතු දේ වෙමින් පවතී” යනුවෙන් සඳහන සහිතව පළකර තිබේ.

මෙලෙස ඇමැතිවරයාට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කර ඇත්තේ විශේෂඥ වෛද්‍ය රනිල් ජයවර්ධන බවට ද වාර්තා පළවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *