ප්‍රංශ විප්ලවය කළේ දරා ගන්න බැරි පාන් මිල නිසයි…! මේ වෙලාවේ ව්‍යවස්ථා සංශෝධනයකට යාම වරදක් නෑ..! – ගෙවිඳු…

June 2, 2022 at 10:19 am | by emanisa.lk

ප්‍රංශ විප්ලවයට මූලික හේතුව වූයේ දරාගත නොහැකි පාන් මිල බව යුතුකම ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

එහෙත් ප්‍රංශ ජනතාව එකතු වී පිහිටුවා ගත් ජාතික සභාව ඔස්සේ පාන් මිල පිළිබඳ කාරණා නොව නිදහස සමානාත්මතාව සහ සහෝදරත්වය පිළිබඳ අදහස ලෝකයට ප්‍රකාශයට පත්වූ බවයි, මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

එහි දී පාන් මිල සඳහා ද යම් සහනයක් ලබා දුන්නා විය හැකි වුව ද ප්‍රංශ විප්ලයේ ප්‍රතිඵලය පාන් මිල අඩු වීම නම් එ් පිළිබඳ කිසිවෙකු කතා නොකරනු ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.

එහෙයින් වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ ව්‍යවස්ථා සංශෝධනයක් වෙත යාම ප්‍රශ්න කළ නොහැකි බව ගෙවිඳු කුමාරතුංග අවධාරණය කරයි.

ඊයේ (01) දෙරණ අලුත් පාර්ලිමේන්තුවට එකතු වෙමින් යුතුකම සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *