පළාත් සභා සුදු අලියෙක්! වසරක නඩත්තු වියදම බිලියන 250යි! වහාම අහෝසි කරන්න! – මිලින්ද මොරගොඩ

June 30, 2020 at 3:35 pm | by emanisa.lk

එළඹෙන මහ මැතිවරණයට පෙර සියලු දේශපාලන පක්ෂ පළාත් සභා පිළිබඳ සිය නිල මතය ප්‍රකාශ කළ යුතු යැයි හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන මිලින්ද මොරගොඩ පවසයි.

1987 වසරේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ආරම්භ කළ පළාත් සභාවලින් ජනවාර්ගික අර්බුදයට විසඳුම් අපේක්ෂා කළ ද නොලැබුණු බව ඔහු පෙන්වා දෙයි.

එහෙයින් පළාත් සභා අහෝසි කර එම බලතල ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා වෙත පවරා දිය යුතු බවත් එමගින් වඩා විධිමත් බලය බෙදීමක් සිදුවන බවත් ඔහු පවසයි.

එහෙයින් වසර ගණනක් අක්‍රියව පවතින පළාත් සභා අහෝසිකර දැමිය යුතු බව මොරගොඩ පෙන්වා දෙයි.

මේ වන විට පළාත් සභා නඩත්තු කිරීමට වසරකට රු. බිලියන 250කට අධික වියදමක් රජයට දැරීමට සිදුව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස