පළාත් සභා විරෝධය නොතකා හරී…! වහාම මැතිවරණ පැවැත්වීමේ තීන්දුවක්….!

March 24, 2021 at 5:12 pm | by emanisa.lk

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ යෝජනාවක් කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරනු ලබූ බව වාර්තා වෙයි.

රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ බව ද වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී කැබිනට් මණ්ඩලය රැස්වූ අතර, එහිදී ඇමැතිවරයා මෙම යෝජනවා ඉදිරිපත් කර ඇත.

ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමට කල් අවශ්‍ය බවට ඇමැතිවරුන් කීපදෙනකු ප්‍රකාශ කිරීම නිසා යෝජනාව සාකච්ඡාවට ගැනීමට සතියකින් කල් දැමූ බව වාර්තා වේ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *