පළාත් සභා යෝජනාවට ආණ්ඩුව දෙකට බෙදේ….! තීන්දුවක් නැතිව උණුසුම් කැබිනට් හමුව නිමයි….!

April 3, 2021 at 11:40 am | by emanisa.lk

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී පළාත් සභා ඡන්ද කොට්ඨාසයක් සඳහා එක් පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනෙක් ඉදිරිපත් කිරීමේ යෝජනාව ගැන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ප්‍රබල මත ගැටුමක් හටගෙන තිබේ.

මෙම යෝජනාවට විරුද්ධව මත දැක්වූ අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම පැවසුවේ එක් පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනෙකු එකම කොට්ඨාසයට ඉදිරිපත් කළවිට අනවශ්‍ය ගැටුම් බහුල විය හැකි බවයි. එනිසා මෙය කිසිසේත්ම ප්‍රායෝගික නොවන යෝජනාවක් බව ඔවුන්ගේ අදහස විය.

එහෙත් ඊට පක්ෂව දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි හා රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරු එය ඉතා කාලෝචිත යෝජනාවක් යැයි කීහ. එමගින් පක්ෂය තුළ තිබෙන නාමයෝජනා අර්බුද විසඳෙන බවක් හැමෝම එක්වී පක්ෂය දිනවන්නට කටයුතු කරන බවත් එම අමාත්‍ය පිරිස පැවසූහ.

මෙම මත ගැටුම නිසා පළාත් සභා ඡන්දය පැවැත්වීම ගැන පසුගිය කැබිනට්ටුවේ අවසන් තීරණයක් නොගැනිණි. එසේම පළාත් සභා ඡන්දය නව මිශ්‍ර ඡන්ද ක්‍රමය අනුව පැවැත්විය යුතු යැයි ඇමැතිවරුන් බහුතරයක් ප්‍රකාශ කර තිබිණි.

එහි මන්ත්‍රීන් තේරීමේ අනුපාතය, සීමානිර්ණය ආදී ගැටලු ගැන ද සාකච්ඡා විය. අවසානයේ තවත් පක්ෂනායක රැස්වීමක් කැඳවා පළාත් සභා ඡන්දය ගැන අවසන් තීරණයක් ගැනීමට කැබිනට්ටුව එකඟ විය.

 
 


Leave a Reply

Your email address will not be published.