පළාත් සභා ඡන්ද මුලින් පැවැත්විය යුතුයි! මැතිවරණ නිසි කලට පවත්වන්නේ නැත්නම් නිදහස් හා සාධාරණ වුණාට වැඩක් නෑ! (video)

February 15, 2019 at 2:02 am | by admin

රටක පාලන බලයේ පදනම විය යුත්තේ ජනතා කැමැත්ත බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ෆැපරල් සංවිධානයට වසර තිහක් පිරීම නිමිත්තෙන් කොළඹ පැවති උත්සව සභාවක් අමතමින් හෙතෙම වැඩි දුරටත් මෙසේ පැවසීය.

“රටක පාලන බලයේ පදනම විය යුත්තේ ජනතා කැමැත්තයි. ජනතා කැමැත්ත නිදහස් සාධාරණ හා නිසි කාලාන්තරවල පැවැත්වෙන මැතිවරණවලින් ප්‍රකාශ විය යුතුය. මැතිවරණයක් නිසි කාලාන්තරවල පවත්වන්නේ නැත්නම් ඒක නිදහස් හා සාධාරණ වුණාට වැඩක් නෑ.”

“ඉතාම කනගාටුවෙන් කියන්න ඕන කොමිසම කියන්නේ මම නෙමෙයි. අපි තුන් දෙනෙක් ඉන්නවා. මම එහි සාමාජිකයෙක් පමණයි. මොන ඡන්දය ද එන්න ඕන කියන එක ගැන විවාදයක් නෑ. රටේ පළමුවෙන්ම එන්න ඕන පළාත් සභා මැතිවරණ.”

“ඒක තියන්නේ නැත්නම් අනිත් ඡන්ද තිබ්බත් අපි බලන් ඉන්නවා නොවැම්බර් 10 වෙනිදා වෙනකල්. එදා වෙනකල් පළාත් සභා ඡන්දය ලබා ගන්න අපි සටන් කරනවා.”

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස