පළාත් සභා ඡන්ද තියන්න ජනාධිපතිට ඕනකමක් නෑ!

February 3, 2019 at 4:46 am | by admin

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ ද ජනාධිපතිවරයාට ඒ සඳහා සැබෑ උවමනාවක් නැතැයි ජවිපෙ නායකයන් අතර සාකච්ඡා වී තිබේ.

ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත්ගෙන් ඒ පිළිබඳ විමසූ විට පවසා ඇත්තේ ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට සැබෑ උවමනාවක් නැති බවය. පරණ ක්‍රමයට මැතිවරණ තියනවා නම් කළ යුත්තේ කැබිනට් යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම පමණි. අලුත් ක්‍රමයට මැතිවරණය තියනවා නම් සීමා නිර්ණ පනත සම්මත කර ගැනීම ප්‍රමාණවත්ය. මේ සියල්ල සති දෙකක් ඇතුළත කළ හැකිය. එහෙත් ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් ඒ සඳහා උවමනාවක් නැති නිසා එය සිදු නොවන බව ජවිපෙ අදහසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *