පළාත් සභා ඡන්දෙටත් සජිත් දුරකතනයෙන්මයි! යූඇන්පී හොරු ඇරෙන්න ඔක්කොම එකතු කරගන්නවා! – මද්දුමබණ්ඩාර

August 13, 2020 at 4:14 pm | by emanisa.lk

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා ද සමගි ජන බලවේගය යටතේ තරග කරන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.

මේ වනවිට පළාත් සභා සියල්ල විසුරුවා හැර වසර ගණනාවක් ගත වී ඇති අතර යහපාලන රජය සමයේදී දිගින් දිගටම පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දැම්මේය.

පසුගිය මහ මැතිවරණයේදී අන්ත පරාජයක් ලැබූ එක්සත් ජාතික පක්ෂයේ දැනට ඉතිරි වී සිටින පුද්ගලයන්ටද සමගි ජන බලවේගය හා එකතු විය හැකි බව ද ලේකම්වරයා පවසයි.

කෙසේ වෙතත් දූෂණ චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් පක්ෂයට එකතු කර ගැනීමට සූදානම් නොමැති බව ද මද්දුම බණ්ඩාර අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස