පළාත් සභා ඡන්දය අහෝසි කරන යෝජනාව ඒකමතිකව සම්මතයි!

September 15, 2020 at 7:03 pm | by emanisa.lk

“පළාත් සභා ඡන්ද ක්‍රමය අහෝසිකළ යුතුයි” යන යෝජනාව වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේදී අද (15) ඒකමතිකව සම්මත වී තිබේ.

එම යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රදේශිය සභා මන්ත්‍රී නාලක තරංග සමරසිංහ ඉදිරිපත් කර ඇති අතර අනතුරුව මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගේ ඡන්ද විමසුමක් සිදුකර ඇත.

අද දින (15) වලල්ලාවිට ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් 25 දෙනාගෙන් පැමිණ සිටියේ මන්ත්‍රීවරුන් 23 දෙනෙක් පමණි.

එම 23 දෙනාගෙන් එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය විමසන අවස්ථාවේදී සභාවෙන් පිටතට ගොස් සිටි බවත් තවත් එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය ප්‍රකාශ නොකර සිටි බවත් වාර්තා වෙයි.

අනෙකුත් මන්ත්‍රීවරුන් 21 දෙනාම “පළාත් සභා ඡන්ද ක්‍රමය අහෝසි කළ යුතුයි” යන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බැවින් එම යෝජනාව එකමතිකව සම්මත වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස