පළාත් සභා ක්‍රමයෙන් දකුණට ලැබුණ දෙයක් නෑ…! තමන්ට බලය ලැබුණු නිසා ඔවුන් එය වැළඳ ගත්තා..! – විග්නේශ්වරන්….

November 6, 2021 at 10:16 am | by emanisa.lk

උතුරේ ජනතාවට යම් ශක්තියක් පළාත් සභාවෙන් ලැබෙන නිසා තමන් උතුරු පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය ධුරයට තරග කරන බව දෙමළ ජනතා සන්ධානයේ නායක උතුරු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේශ්වරන් පවසයි.

යාපනයේ දී මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව කියා සිටි විග්නේශ්වරන් මන්ත‍්‍රීවරයා පළාත් සභා ක‍්‍රමයෙන් දිවයිනේ සෙසු පළාත්වලට ද ලැබුණු දෙයක් නැති වුවත් එම පළාත්වල පිරිස් තමන්ගේ පළාතට දේශපාලන ව්‍යුහයක් අවශ්‍ය බැවින් පළාත් සභා ක‍්‍රමයට අනුගත වූ බව ද හෙතෙම සඳහන් කළේය.

‘‘පළාත් සභා ක‍්‍රමයෙන් එම පළාතට ලැබෙන ශක්තිය ඉතා අල්පයි. නමුත් දකුණේ පිරිස එම පළාත් සභා ක‍්‍රමය වැළඳ ගන්නේ තමන්ගේ පළාතට යම් දේශපාලන බලයක්, දේශපාලන ව්‍යුහයක් අවශ්‍ය නිසයි.

අපිත් මේ අවස්ථාවේදී කල්පනා කරන්නේ ඒ ශක්තිය අපිටත් ලබා ගන්නයි. මේ පළාත් සභා ක‍්‍රමයේ බලතල වැඩි විය යුතුයි. අපි ඉන්දීය රජයට නිරන්තරයෙන්ම කරුණු ඉදිරිපත් කරන්නේ ඒ තත්ත්වයට මේ පළාත් සභා ක‍්‍රමය පත්කර ගැනීමටයි.

උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ කතා කරන ජනතාවගේ තත්ත්වය එන්න එන්නම ශෝචනීය වෙමින් පවතිනවා. දැනටමත් නැගෙනහිර සිංහල ජනගහනය සියයට 800කට වඩා වැඩි වී තිබෙනවා. බෞද්ධ භික්ෂූන් වහන්සේලා කනස්සල්ලට පත්වන්නේ මුස්ලිම් ජනගහනය අනෙකුත් ජාතීන්ට වඩා වැඩි නිසයි.

මෙහිදී නැගෙනහිර මහ ඇමැතිවරයාගේ රාජකාරිය උතුරේ මහ ඇමැතිවරයාගේ රාජකාරියට වඩා වෙනස් වෙනවා. ඉතින් මම කියන්න යන දේ මුලින්ම අදාළ වෙන්නේ උතුරු පළාත් සභාවටයි. 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභාවේ ප‍්‍රධාන ඇමැතිවරයා මහජන ඡන්දයෙන් පත්වන නිසා ඔහු පළාතේ පළමු පුරවැසියා වෙනවා. බලතල අඩු වුණත් එතුමාගේ තනතුරට ප‍්‍රමුඛත්වයක් ලැබෙනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *