පළාත් සභා එපා නම් කරුණාකර ව්‍යවස්ථාවෙන් ඉවත් කරන්න!

February 15, 2019 at 7:32 am | by admin

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය ලබාගැනීම වෙනුවෙන් සටන් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය පවසයි.

පැෆරල් සංවිධානයේ 30 වැනි සංවත්සරය නිමිත්තෙන් ඊයේ (14) කොළඹ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව කීවේය.

ඉදිරියේදී මුලින්ම පැවැත්විය යුත්තේ පළාත් සභා මැතිවරණය බව ඔහු පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ කොමසාරිස්වරයා,

“ඡන්ද විමසීම් නිසි කලට පවත්වා ගැනීම ගැන අද ප‍්‍රශ්නයක් වෙලා. මොකටද පළාත් සභා කියලත් සමහරු අහනවා. පළාත් සභා එපානම් කරුණාකර ව්‍යවස්ථාවෙන් ඉවත් කරන්න. ඉදිරියේදී මුලින්ම තැබිය යුත්තේ පළාත් සභා ඡන්දයයි. නොවැම්බර් මස 10 වනදා ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර පළාත් සභා ඡන්දය ලබ ගැනීමට අපි සටන් කරනවා. එදාට කලින් අපි අස්වෙන්නේ නෑ. එතෙක් අපි බලා සිටිනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස