පළාත් සභා අහෝසි කරනවා නම් කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන්තොටුපළ ඉන්දියාව ඉල්ලයි…!

January 28, 2021 at 8:55 am | by emanisa.lk

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය, කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන්තොටුපළ ඉන්දියාවට අවශ්‍ය බව ඉන්දියාව විසින් දන්වා ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පෙන්වා දෙන්නේ මෑතක දී මෙරට සංචාරයේ යෙදුණු ඉන්දීය විදේශ අමාත්‍යවරයා විසින් මේ බව දන්වා තිබෙන බව ය.

පළාත් සභා ක්‍රමය අහෝසි කරන්නේ නම් මෙම ස්ථාන තුන ඉන්දියාවට අවශ්‍ය බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා දන්වා ඇතැයි ද ඔහු කියා සිටියේ ය.

සම්මන්ත්‍රණ සභාවක් අමතමින පුබුදු ජයගොඩ මේ බව පැවසීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *