පළාත් සභාවලට පොලිස් ඉඩම් බලතල දෙන්නේ නෑ..! – නාමල් රාජපක්ෂ…

August 21, 2024 at 7:57 pm | by emanisa.lk

යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් හරහා සිය ආණ්ඩුව බිඳ දැමූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.

ආණ්ඩුව වැටුණත් රාජ්‍යය ආරක්ෂා කරගත යුතු නිසා ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහට ආණ්ඩුව භාර දුන් බවයි, ඔහු ප්‍රකාශ කළේ.

එකිනෙකා විවේචනය කරන වෛරී දේශපාලනයක් වෙනුවට ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරත වීම සිය අරමුණ බවත් සිය පාලනයක දී බෞද්ධ රට තුළ සියලු ආගම් නිදහසේ ඇදහීමේ අයිතිය ලබා දෙන අතර පළාත් සභා සඳහා ඉඩම් පොලිස් බලතල ලබා නොදෙන බව ද අවධාරණය කරයි.

නාමල් රාජපක්ෂ මේ බව ප්‍රකාශ කළේ, අද (21) අනුරාධපුර නගරයේ දී සිය මංගල ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *