පළාත් සීමා හෙටත් නො ඇරෙයි…! සංචරණ සීමා තවත් දෙසතියකින් දික් වෙයි….!

July 4, 2021 at 4:18 pm | by emanisa.lk

දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා තවත් දින 14කින් දීර්ඝ කිරීමට කොවිඩ් පාලන කාර්ය සාධක බලකාය තීරණය කර තිබේ.

ඒ අනුව ජුලි මස 19 වන දින තෙක් වර්තමාන පළාත් සංචරණ සීමා ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

කෙසේ වුවද ආරක්ෂක, සෞඛ්‍ය, විදුලි, මාධ්‍ය, බල ශක්ති, ජල මෙන් ම රාජ්‍ය පෞද්ගලික අත්‍යවශ්‍ය සේවා සඳහා මෙම සීමා අදාළ නැත.

ඔවුන්ට සිය රාජකාරී හැඳුනුම්පත හෝ ආයතනය මගින් ලබා දී ඇති ලිපියක් යොදා ගෙන පළාත් සීමා ඔස්සේ ගමන් කළ හැකි ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *