පළාත් සංචරණ සීමා අහෝසියි…? අන්තර් පළාක් දුම්රිය බස් සේවා හෙට සිට..!

July 31, 2021 at 2:11 pm | by emanisa.lk

රාජ්‍ය හා පුද්ගලික අංශයේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට අදාළව අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා හෙට (01) සිට ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

ඒ අනුව උදෑසන සහ සවස් කාලයේ පමණක් බස්රථ ධාවනයට අවසර ලබාදෙන බව ඇමැතිවරයා සඳහන්ය කළේ ය.

“හෙට සිට ම අවශ්‍ය දුම්රිය හා බස්රථ ප්‍රමාණය පළාත් අතර ධාවනය කරනවා. ඒකට හේතුව රජයේ සේවකයින්ට සඳුදා සිට රාජකාරියට වාර්තා කරන්න කියලා රජය කියලා තියෙනවා. ඒ අයට ප්‍රවාහන පහසුකම් අපි සපයන්න අවශ්‍යයි.

ඒ නිසා සාමාන්‍ය පරිදි සිට හෙට උදේ සහ සවස්වරුවේ ධාවන කටයුතු ආරම්භ කරනවා. නමුත් මැද කාලසීමාවේ තියෙන ගමන්වාර අපි ධාවනය කරන්නේ නෑ. එයට හේතුව තමයි තවම සෞඛ්‍ය අංශවලින් දැනුම්දෙන පරිදි වසංගතයේ බරපතළ තත්ත්වයක් තියෙනවා.

රාජකාරිවලට යන අයට ප්‍රවාහන පහසුකම් සපයන්න අවශ්‍ය නිසා මේක අපි ආරම්භ කරනවා. අපි ලංගමට කියලා තියෙනවා. අනිවාර්යෙන්ම සෞඛ්‍ය නීති අනුගමනය කරන්න. ආසන ගණනට පමණයි මගීන් ප්‍රවාහනය කළ හැක්කේ. ඒ සෞඛ්‍ය නීති අනුගමනය කරමින් ධාවනය කරන්න පුද්ගලික අංශයටත් අපි අනුමැතිය දෙනවා.”

ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමත් සමඟ සංචරණ සීමා ද සඳුදා සිට ලිහිල්වීමට ඉඩ ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *