පළාත් සභා මැතිවරණය පැවැත්වීමට දැනට තීරණයක් ගෙන නැතැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ එක රටක් එක නීතියක් නම් පළාත් 09ට නීති නවයක් විය නොහැකි බවය.
නව ව්‍යවස්ථාව මගින් බලතල මධ්‍යම රජයට සතු වන ලෙස සකස් කිරීමෙන් පසු පළාත් සභාව තිබුණ ද ප්‍රශ්නයක් නොවන බව ද ඔහු කියා සිටියේය.
ඊයේ දිනයේ උත්සවයකින් පසු මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
කෙසේ නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සභා පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස තමන් මැතිවරණ කොමිසමට උපදෙස් දුන් බව මෙයට පෙර වාර්තා විය .